අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන්ට පණිවිඩයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කලයුතු යැයි 2023 අයවැය ලේඛනයේ යෝජනාවක් ලෙස සඳහන් වුවත් වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බවයි.
අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන්ගෙන් රජය බදු මුදලක් අය නොකරන බව සඳහන් වේ.
මෙම ගැසට් පත්‍රයෙන් අදහස් වෙන්නේ විශේෂයෙන් ම ජූනි මාසයේ 1 වනදා සිට රටේ බදු ගෙවිය හැකි යැයි විද්‍යාමාන වන කැපී පෙනෙන පන්තිවලට බදු ලිපිගොනුවක් විවෘත කරන ලෙස ඉල්ලා තිබෙන බවයි.
විශේෂයෙන් වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු වැනි කැපී පෙනෙන කණ්ඩායම් සඳහා එම ගැසට් පත්‍රය වලංගු වන බව සඳහන් වේ.
එවැනි කණ්ඩායම් 14කට මෙම ගැසට් පත්‍රය නිකුත් කරලා ඇත.
235 Views
Comments