ඉන්ධන පිරවුම්හල් අසලට බුද්ධි නිලධාරින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

ඉන්ධන පිරවුම්හල් අසලට බුද්ධි නිලධාරින්

ඉන්ධන පිරවුම්හල් අසලට බුද්ධි නිලධාරින්

ඉන්ධන පිරවුම්හල අසල රාජකාරි කරන පොලිස් නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

 

පිරවුම්හල්වල රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරින් මෙන්ම රාජකාරියේ යොදවා නැති ඇතැම් පොලිස් නිලධාරීන් ද විවිධ අක්‍රමතා සිදුකරන බවට වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

ඒ අනුව මෙවැනි අක්‍රමිකතා වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව ද පියවර ගන්නා බව පොලිස්පතිවරයා අවධාරණය කර සිටිනවා.

views

321 Views

Comments

arrow-up