JUN
23
SL vs IND කාන්තා කණ්ඩායම් අතර පළමු T20 තරඟය අද

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගාවලිය අද පැවැත්වීමට නියමිතයි.
තරඟය අද පස්වරු දෙකයි තිහට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පිතිකාරියන් සාර්ථකව දක්ෂතා දැක්වූවහොත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියා.
294 Views
Comments