රේගුව අල්ලාගත් කසළ තේ ඇසුරුම් ගිනි තබද්දී එප්පාවල ජනතාව ඇවිළෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

රේගුව අල්ලාගත් කසළ තේ ඇසුරුම් ගිනි තබද්දී එප්පාවල ජනතාව ඇවිළෙයි

රේගුව අල්ලාගත් කසළ තේ ඇසුරුම් ගිනි තබද්දී එප්පාවල ජනතාව ඇවිළෙයි

ගිනිතබා විනාශ කිරීමට නිර්දේශකර තිබූ කසළ තේ තොගයක් රේගුවෙන් මුදාගෙන එප්පාවල ප්‍රදේශයේදී කාබනික පොහොර සකස් කිරීම සඳහා කසළ තේ ඉවත් කර එහි ඇසුරුම් ගිනි තැබීමට ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබිණ.

 

රේගුවේ තිබූ ගිනිතබා විනාශ කිරීමට නියමිතව තිබූ කසළ තේ කන්ටේනර් 40 කින් 02ක් ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මුදාගෙන එප්පාවල ඇඳගල ප්‍රදේශයේ රජයේ වී ගබඩාව වෙත රැගෙනවිත් තිබුණි. 

 

ඉන් පසුව එම කසළ තේ පෙට්ටි හා පොලිතින් කවර ගලවා කසළ තේ ඉවත් කර එම පරිශ්‍රයේ පෙට්ටි සහ පොලිතින් ගිනි තැබීමත් සමඟම අසල නිවෙස්වල දුම්රොටු යෑම නිසා ප්‍රදේශවාසීන් නොසන්සුන්වී එම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නියැලුණහ.

 

සිද්දිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියද එම ස්ථානයට පැමිණ කසළ තේ තොගය රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධව රේගු නිලධාරීන්ගෙන් විමසීමේදී කසළ තේ බහාලූම් 44ක් එප්පාවල ඇතුළු ස්ථාන 08ක් වෙත යොමු කිරීමට අවසර ලබාගෙන ඇතැයි පොලිසියට ලිපියක් ඉදිරිපත් කරන ලදී.

 

 එමෙන්ම රේගු නිලධාරීන් මෙම කසළ තේ නිදහස් කරන ලෙස ඉල්ලීම් කරන ලද්දේ ඉඩම් අමාත්‍යාංශයෙන් බවත් රේගු නිලධාරීහු පොලිසියට පැවසුහ.

 

ඉන්පසු එම ස්ථානයේ තිබූ කසළ තේ ඇසුරුම් ඉවත් කළ කම්කරුවන්ද පැමිණ තමන්ට ගම්වාසීන්ගෙන් තර්ජන විය හැකි බව පවසමින් පොලිස් ආරක්‍ෂාව ලබාදිය යුතු බවට ඉල්ලීමක්ද කර තිබේ.

views

828 Views

Comments

arrow-up