ඇල්ලවෙල දිය ඇල්ල තුන්වෙනි බිල්ලත් ගනී හතරවෙනි බිල්ල අනූනවයෙන් බේරෙයි

වැල්ලවාය ඇල්ලෙවල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලි මියගොස් තිබෙනවා. ඔහුගේ මළ සිරුර අද (08) උදෑසන ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් සොයා ගෙන තිබුණා.
ඇල්ලවල දිය ඇල්ල නැරඹීමට පැමිණ දියේ ගිලි මියගිය තෙවැනි පුද්ගලයා මොහු වන අතර මෙසෙ මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි අඳුන්ප්‍රිය හෙට්ටිආරච්චි නැමති 38 හැවිරිදි තරුණයෙකි.
යාළුවන් සිව්දෙනකු බදුල්ල ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටින අතරතුර ඇල්ල නැරඹිමට හා දිය නෑමට මෙම ඇල්ලට පැමිණ ඇති අතර එහිදී පිරිස දිය නා ගොඩට පැමිණි පසු මියගිය තරුණයා මේ මගේ තැන යැයි පවසා ආපසු ගොස් තමා දිය නෑ ස්ථානය පෙන්වා තිබුණා.
එහිදි මෙම තරුණයා ගිලි ඇති අතර ඒ අවස්ථාවේ දිය නාමින් සිටි වෙනත් පිරිසක් තරුණයකු දියේ ගිලෙන බව පවසමින් කෑ ගසා ඇත.
ඔහුගේ මිතුරන් වහා දියට පැන ඔහුව බේරා ගැනිමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ ඔවුන්ගෙන් තවත් තරුණයෙකුද දියේ ගිලිමට ගොස් ඇත. ඔහු එම අවස්ථාවේදී අනුනවයෙන් දිවි බේරාගෙන තිබේ.
1410 Views
Comments