ඌව පළාතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන වවුචර්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

ඌව පළාතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන වවුචර්

ඌව පළාතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන වවුචර්

ඌව පළාතේ පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන වවුචර් පත් ප්‍රදානය කිරීම අද සිදුකෙරුණා.

 

ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්ගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි.

 

පෞද්ගලික බස් රථ යලි ධාවනයට එකතු කරලීම සඳහා ඒවායේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට යම් සහනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම සහන වවුචර් පිරිනමා තිබෙනවා.

 

ඌව පළාතේ මෙම හිමිකම ලබන බස් රථ හිමියන් 1064ක් සිටින අතර අද දිනයේදී පළාත් අතර ධාවනය කෙරෙන බස් රථ සේවකයන් 300 දෙනෙකුට සහ අන්තර් පළාත් ධාවකයන් 150 දෙනෙකුට වව්චර් පත් ලබාදී තිබෙනවා.

 

ඉතිරි වව්චර් පත් ඉදිරියේදී ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ ලබන 21 වනදා වන විට පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවයි.

 

ඔහු මෙහිදී කියාසිටියේ පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් මේවන විට දක්නට ලැබෙන බවයි.

 

බස්නාහිර පළාතේ බස් රථ 8000ක් ධාවනය වීමට තිබුණ ද මේවන විට ධාවනය වෙමින් පවතින්නේ බස් රථ 900ක ප්‍රමාණයක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

බස් රථ අලුත්වැඩියා කිරීමට සිදුව තිබීම මෙන්ම බස් රථ සේවකයන් වෙනත් රැකියාවලට යොමුවී සිටීම ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

 

දැනට නිරතවන රැකියාව අත්හැර යළිත් බස් සේවයට පැමිණීමෙන් අනතුරුව සංචරණ සීමා පැනවුවහොත් යළිත් තමන්ට රැකියාවක් නොමැති වනු ඇතැයි බියක් ඔවුන් තුල පවතින බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියාසිටියා.

views

816 Views

Comments

arrow-up