පසුගියදා අතුරදන් වූ මවගේ හා දියණියගේ සිරුරු නිවස අසල කැලයකින් සොයා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

පසුගියදා අතුරදන් වූ මවගේ හා දියණියගේ සිරුරු නිවස අසල කැලයකින් සොයා ගනී

පසුගියදා අතුරදන් වූ මවගේ හා දියණියගේ සිරුරු නිවස අසල කැලයකින් සොයා ගනී

අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවේ තිබී බිළිඳෙකුගේ සහ මවකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

 

 

පසුගිය දා අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ 24 හැවිරිදි එක්දරු මවගේ සහ ඇයගේ මාස 11 ක් වයසැති බිළිඳාගේ සිරුරු මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවට පොලිසිය සැකකරයි.

 

 

නිවසට මීටර් 500ක් පමණ ඔබ්බෙන් වූ කැලෑ ප්‍රදේශයක තිබී නිවැසියන් සහ පොලිසිය අද මළ සිරුරු සොයා ගත්තා.

 

 

එම සිරුරු දෙකට සතුන් දැඩි ලෙස හානි කර ඇති බවද වාර්තා වේ.

 

 

ඇය සිය කුඩා දරුවා සමඟ අතුරුදන්ව ඇති බවට අඟුරුවාතොට පොලිසියට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණා.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවකගේ ඥාති සොහොයුරියක් පොලිස් භාරයට ගෙන පරීක්ෂණ පැවැත්වීය.

 

 

පොලිස් පරීක්ෂණවලදී කාන්තාවගේ නිවසේ වියැකී ගිය ලේ පැල්ලම් නිරීක්ෂණය විය.

 

 

අතුරුදන්ව සිටි වාසනා කුමාරි 24 හැවිරිදි එක්දරු මවක් වන අතර ඇයගේ සැමියා අඟුරුවාතොට පොලිසියට පැමිණිලි කළේ ඇය සහ මාස 11 වන  දියණිය පසුගිය 18 වැනිදා පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවයි.

 

 

views

412 Views

Comments

arrow-up