කැබිතිගොල්ලෑව - හොරොව්පතාන පාරේ දරුණු අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

කැබිතිගොල්ලෑව - හොරොව්පතාන පාරේ දරුණු අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කැබිතිගොල්ලෑව - හොරොව්පතාන පාරේ දරුණු අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

කැබිතිගොල්ලෑව - හොරොව්පතාන මාර්ගයේ කිවුලේකඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ සිටි ගවයින් දෙදෙනෙකුගේ සහ බෝක්කුවක ගැටී මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මෝටර් රථ රියදුරු වූ 22 හැවිරිදි තරුණයෙක් එම ස්ථානයේදීම මිය ගිය අතර, මෝටර් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමේදී 19 හැවිරිදි වියේ පසු වූ තවත් තරුණයෙක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

 

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ 22 හැවිරිදි තරුණයා හමුදා සෙබළෙකු වන අතර, ඔහු අලුත්වත්ත, මරදන්කඩවල ප්‍රදේශයෙ පදිංචිකරුවෙකු වන බව වාර්තා වේ.

 

views

236 Views

Comments

arrow-up