2023 අප්‍රේල් 20 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

2023 අප්‍රේල් 20 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 අප්‍රේල් 20 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත සිට දකුණ දක්වා වන දිශා වලින් හමා එයි. සුළඟේ වේගය පැ. කි. මී. 20-30 පමණ වේ.

 

කන්කසන්තුරය සිට මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 40-45 දක්වා වැඩි විය හැක.  

 

කන්කසන්තුරය සිට මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ හෝ මද වශයෙන් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

   

නගරය

උෂ්ණත්වය (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

 

අනුරාධපුරය

35

26

95

50

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මඩකලපුව

34

27

95

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

33

27

90

65

සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

ගාල්ල

32

27

90

70

සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

යාපනය

36

24

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

32

23

95

65

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

නුවරඑළිය

24

10

95

50

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

රත්නපුරය

34

24

95

55

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රිකුණාමලය

35

26

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

34

27

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

views

311 Views

Comments

arrow-up