ශ්‍රී ලාංකිකයන්ට ඉන්දුනීසියාවේ නව රැකියා අවස්ථා

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අඟහරුවාදා ඉන්දුනීසියානු ජනරජයේ මිනිස්බල ඇමතිනී අයිඩා ෆවුසියා මහත්මිය හමු වී ඇත.
ශ්‍රී ලංකා රජය මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව කණස්සල්ල පළ කළ ඇමතිනී ෆවුසියා, දෙරට අතර රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ.
2020 සහ 2021 ට සාපේක්ෂව 2022 දී ඉන්දුනීසියාවේ විරැකියා අනුපාතය අඩුවීම අවධාරණය කළ අමාත්‍යවරිය, රැකියා ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන් ශ්‍රී ලංකා රජය සමග බෙදා ගැනීමට කැමැත්ත පළ කළ කර ඇත.
මහාචාර්ය කොළඹගේ මහතා, ශ්‍රී ලංකා රජය රාජ්‍ය සේවකයන්ට විදේශගතව රැකියා කිරීමට හැකි නව වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව එම සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලාංකික සේවකයින් අපේක්ෂා කරන රැකියා ක්ෂේත්‍ර පිළිබඳව ඉන්දුනීසියානු අමාත්‍යවරිය දැනුවත් කළ කොළඹගේ මහතා ඉන්දුනීසියාවේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව සාකච්ඡා කොට ඇත.
මෙම සාකච්ඡාව අවසානයේදී, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සමීපව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉන්දුනීසියානු අමාත්‍යවරිය එම අමාත්‍යාංශයේ මහලේකම් මහාචාර්ය අන්වර් සනුසි මහතාට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
254 Views
Comments