තරුණියකට දිවි අහිමි කළ බටලීයේ ඛේදවාචකය

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) සවස සිදු වූ ඛේදජනක රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මියගිය තරුණිය සිය පෙම්වතා සමග වරකාපොළ උඩුවක ඇල්ලට ගොස් ආපසු එමින් සිට ඇත.
බටලීය කජුගම ප්‍රදේශයේ පිහිටි කඩයකට ගිය පෙම්වතා ආපසු එනතුරු යතුරුපැදිය අසල බලා සිටියදී අධික වේගයෙන් කොළඹ දෙසට ධාවනය වූ බස් රථයකට ඇය යට වී ඇත.
අනතුරින් පසු බස් රථය අසල තිබූ කාණුවකට වැටී ඇති බව පොලිසිය පවසයි.
රසාංජලී නමැති 22 හැවිරිදි මෙම තරුණිය කඳාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
197 Views
Comments