නවක සිසුන්ට පහරදුන් සබරගමුව සරසවියේ සිසුන් හතරක් පොලිස් භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

නවක සිසුන්ට පහරදුන් සබරගමුව සරසවියේ සිසුන් හතරක් පොලිස් භාරයට

නවක සිසුන්ට පහරදුන් සබරගමුව සරසවියේ සිසුන් හතරක් පොලිස් භාරයට

පසුගිය පෙබරවාරි 15 වන දින නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවකවධය ලබාදීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාර්තු 28 වනදා බලංගොඩ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන දෙහිවල, මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

සැකකරුවන් ඊයේ (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබේ.

views

211 Views

Comments

arrow-up