ජපන් සිහින පෙන්නා මුදල් ගැරූ පිළිමතලාවේ අයෙක් දැලේ

පිළිමතලාව ඌරාපොල ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙකු ජපානයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් විසි දෙනකුගෙන් රුපියල් කෝටි දෙකකට වැඩි මූල්‍ය වංචාවක් සිදු කළ බවට සැකපිට කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඌරපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ලෙස වැඩ සිටි කාලය තුළ විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි.
සැකකරු ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් රැපියල් ලක්ෂ 06 සිට ලක්ෂ 14 දක්වා මුදලක් පුද්ගලයින්ගෙන් වංචා කර ඇති බව පොලිසිය පවසා සිටී.
සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
222 Views
Comments