DIG නාලක සිල්වා යළි සේවයේ පිහිටුවයි

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට පත්ව සිටින ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යළි සේවයේ පිහිටුවා තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ඔහු පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදු කළ බවට නාමල් කුමාර නැමැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනුණේ 2018 වසරේදීය.
255 Views
Comments