කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක්

කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක්

කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

 

ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් 57 හැවිරිදි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබූ අතර, බරපතල තුවාල ලැබු කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් සැකකරු මරණකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ අතර, කොස්ගම පොලිස් වසමේ මූණමලේවත්ත ප්‍රදේශයේ දී ද ආරවුලක් දුරදිග යෑමෙන් 35 හැවිරිදි කළුඅග්ගල පදිංචි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

 

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වයි.

 

views

219 Views

Comments

arrow-up