MAR
30
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන මගීන්ට විශේෂ නිවේදනයක්

හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වනු ඇති බව කළුතර දුම්රිය ස්ථානයේ බලධාරීන් නිවේදනය කර සිටී.
ඒ අනුව, ගාල්ල සහ මාතර දෙස සිට ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවත්, කළුතර සහ පානදුර සිට ගමන් ආරම්භ කරන දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් එම නිවේදනයෙහි දැක්වේ.
218 Views
Comments