තුර්කියේ අවතැන්වූ ජනතාවට ශ්‍රී ලංකාවෙන් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

තුර්කියේ අවතැන්වූ ජනතාවට ශ්‍රී ලංකාවෙන් ආධාර

තුර්කියේ අවතැන්වූ ජනතාවට ශ්‍රී ලංකාවෙන් ආධාර

පසුගියදා තුර්කියෙහි ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ටොන් 4.6 ක ඇඟලුම් තොගයක් පරිත්‍යාග කර ඇත.

 

 

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අප්‍රේල් 12 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති Rakibe Demet Sekercioglu වෙත එම භාණ්ඩ තොගය භාර දී තිබේ.

 

 

අමාත්‍ය සබ්‍රි විසින් තුර්කියේ ජනතාව සමග ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගීතාවය මෙන්ම දෙරට අතර මුල් බැස ඇති සබඳතා පිළිබඳව එහිදී ප්‍රකාශ කොට ඇත.

 

 

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පරිත්‍යාගය සඳහා පහසුකම් සලසා ඇති අතර ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත වන Timex ගාමන්ට්, සුමිත්‍රා ගාමන්ට්, DIAL ටෙක්ස්ටයිල් සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් මෙම පරිත්‍යාගය සඳහා දායක වී තිබේ.

views

199 Views

Comments

arrow-up