ජනපතිවරයාගේ විශේෂ අවුරුදු පණිවුඩය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු ශ්‍රී ලංකා වාසීන්ට සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.
පසුගිය වසරේ අලුත් අවුරුදු සැමරීම පසෙකලා සියල්ලෝම එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමේ අර්බුදයකට මැදිව සිටි නමුත් මෙම වසරේදී තරමක් සහනදායි පරිසරයක් නිර්මාණය වී ඇති බව එහි සඳහන් වේ.
තවද එළඹෙන අවුරුද්ද මීටත් වඩා සෞභාග්‍යමත්ව හා සමෘද්ධිමත්ව සැමරීමට අප වෙහෙසිය යුතු බව ඔහු පවසා තිබේ.
එම අරමුණ මුදුන්පත් කරගැනීමට නම් අප සියලු දෙනා පක්ෂ, පාට, ජාති, ආගම් භේද නොසළකා රට වෙනුවෙන් පෙරට යාමට මෙම වසර නව ඇරඹුමක් කරගත යුතු බව ජනාධිපතිවරයා තම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
254 Views
Comments