දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පුළුල් කෙරේ

QR පද්ධතිය හරහා ඉන්ධන අලෙවියේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරන බව පසුගිය දින 7 තුළ ඉන්ධන අලෙවියේ දත්ත පෙන්වා දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා ඇත.
QR මාර්ගෝපදේශ වලට අනුකූල නොවන පරිදි ඉන්ධන අලෙවි කළ ඉන්ධන පිරවුම්හල් 66 ක් තාවකාලිකව අත්හිටුවීමත් සමග පසුගිය සතියේ 60% ට අඩු වූ සමස්ත ප්‍රතිශතය 80% දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කර තිබේ.
මීට අමතරව උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට ඔක්ටේන් මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 ක් දක්වා වැඩි කිරීමට කටයුතු යොදා ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා නිවේදනය කර ඇත.
221 Views
Comments