මුල්ලේරියාවේ කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවෙකු අල්ලයි

මුල්ලේරියාව, මාළිගාගොඩැල්ල ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් සකස් කරන ස්ථානයක් නීති විරෝධී මත්පැන් තොගයක් සමග මුල්ලේරියාවේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරුකට අනුව මෙම වැටලීම කළ අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 20 ක්, නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 3187 ක්, ගෑස් ලිප් 2 ක්, ගෑස් සිලින්ඩර් 3 ක්, විශාල වතුර ටැංකි 2 ක්, බැරල් 17 ක් සහ දඟර 2 ක් පොලිසිය සිය භාරයට ගත් බව සඳහන් කරයි.
සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
199 Views
Comments