විජය කුමාරතුංගගේ පිළිරුවට හානි

ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංගගේ පිළිරුව දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති අතර එම පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ.
දෙහිවල පොලිසිය පවසන්නේ තොරතුරු වාර්තා වන්නේ කිසියම් පුද්ගලයකු විසින් පිළිරුවට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට නමුත් නිශ්චිතවම එවැන්නක් තහවුරු කර නොමැති බවයි.
පොලිසිය සඳහන් කරන්නේ ඇතැම් විට එය ස්වාභාවිකවම කඩාවැටීමට ඉඩක් තිබෙන්නට හැකි බවයි.
පිළිරුවෙහි මුහුණේ වම් කොටසක් කඩාවැටී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
200 Views
Comments