සත්ත්ව වෙළඳසැල් ජාවාරාමක් වටලයි

රෑන ගිරව් හා වී කුරුල්ලන් ප්‍රසිද්ධියේ අලෙවිකරන ජාවාරමක් අද දිනයේ නීතියේ රැහැනට හසුවිය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 01වන
වගන්තිය සහ 49 වන වගන්තිය යටතේ පක්ෂීන් අලෙවි කිරීම තහනම් කටයුත්තකි.
මොරටුව ප්‍රදේශයෙන් මෙලෙස පක්ෂීන් අලෙවි කරන ස්ථානයක් පිළිබඳව තොරතුරු අනාවරණ වුණි.
එහි වී කුරුල්ලන් හා රෑන ගිරව් අලෙවි කරන බව එහිදී තහවුරු කරගත හැකිවිය.
මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තිඩිය කාර්යාලයට දැනුම් දුන් අතර තොරතුරු ලද වහාම මොරටුව පොලීසියේ නිලධාරීන් ද සමගි ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් අදාළ ස්ථානය වැටලීමට ලක් කරන ලදී.
එහිදී නිලධාරීන් භාරයට වී කුරුල්ලන් හා රෑන ගිරව් 100කට ආසන්න තොගයක් ගැනුණි.
අදාළ වෙළෙඳසැලේ හිමිකරු මොරටුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අධිකරණය එහිදී නියෝග කළේ පක්ෂීන් අත්තිඩිය අභය භූමියට නිදහස් කරන ලෙසයි.
166 Views
Comments