ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක්

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක්

ඉන්දිය විද්‍යාඥයන් පිරිසක් විසින් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1,000ක් පමණ දකුණින් මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක් පවතින අතර ඒ සම්බන්ධව මුල්වරට විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සිදුකිරීමට සමත්ව තිබේ. 

 

 

ඉන්දියානු සාගර ගුරුත්වාකර්ෂණ කුහරය ලෙස මෙම කලාපය හැඳින්වෙයි.

 

 

මෙම කුහරය වර්ග කිලෝමීටර මිලියන 3 ක සාගර කලාපයක සාමාන්‍ය ගෝලීය ගුරුත්වාකර්ෂණයට සාපේක්ෂව අඩු ගුරුත්වාකර්ෂණයක් පවතින ප්‍රදේශයක පැතිර පවතියි.

 

 

කලාපය තුළ සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා මීටර් 106 ක් පහළින් මේ කුහරය පවතී.

 

 

නෙදර්ලන්ත භූ විද්‍යාඥයින් කණ්ඩායමක් 1948දි පළමුවරට මෙම සොයාගැනීම සිදුකර තිබූ නමුත් එහි පවතින පීඩන තත්ත්වයට හේතුව මෙතෙක් පැහැදිලි කර නොතිබුණි.

 

 

බැංගලූරු හි පිහිටි ඉන්දීය විද්‍යා මධ්‍යස්ථාන නිකුත් කළ නවතම වාර්තාවක් මගින් වසර මිලියන 20 ක කාලයක් තිස්සේ මෙම කලාපයේ භූ තැටිවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තිබෙන බව සඳහන් වේ.

 

 

මෙම කුහරය පෘථිවි අභ්‍යන්තරයෙන් පැන නගින ලාවා සහ ගිලී යමින් පවතින භූ තැටියක් එකිනෙක තෙරපීමෙන් හටගෙන ඇති බව ඔවුන් නිගමනය කරයි.

 

 

views

160 Views

Comments

arrow-up