දරුවන් 60% ක් පමණ උකුණු ගැටලුව හේතුවෙන් පීඩා විඳියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

දරුවන් 60% ක් පමණ උකුණු ගැටලුව හේතුවෙන් පීඩා විඳියි

දරුවන් 60% ක් පමණ උකුණු ගැටලුව හේතුවෙන් පීඩා විඳියි

නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පහ වසරේ ඉගෙනුම ලබන දරුවන් 60% ක් පමණ උකුණු ගැටලුව හේතුවෙන් පීඩා විඳින බවයි.

 

 

මෙම තත්ත්වය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල කරන බව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

 

 

හිස්කබලෙහි සහ බෙල්ල පිටුපස ප්‍රදේශයේ පරපෝෂිත සත්ව කොට්ටාසයක් වන උකුණන් සාමාන්‍යෙයන් වැඩිපුරම සිටින්නේය.

 

 

උකුණන් බිත්තර දමන්නේ හිස කබලට ආසන්නයේම කෙස් ගසේ මුල වන අතර එම බිත්තර ලේඬි ලෙස හැඳින්වෙයි. එක් උකුණෙක් දවසකට කීප වතාවක්ම මිනිස් හිසෙන් ලේ උරා බොනු ලබයි.

 

 

 

පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යා පීඨය සහ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඒකාබද්ධව මෙම ප්‍රජා ගැටලුව සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර තිබෙන්නේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ 5 ශ්‍රේණිය ගැහැණු දරුවන් යොදා ගනිමිනි.

 

 

 

views

136 Views

Comments

arrow-up