ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට සැර ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කර තිබේ.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau විසින් සිදුකළ ප්‍රකාශයක අන්තර්ගත කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් ගැන සඳහන් කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කරන බවයි.

 

 

විදේශ අමාත්‍යාංශය පවසන්නේ එරට මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් පිළිබඳව සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ වාර්ගික සංහිඳියාවට බාධාවක් බවයි.

 

 

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කැනඩාවෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රගතිය සංහිඳියාව ඇතිකිරීම සඳහා සහාය වන ලෙසයි.

 

 

views

121 Views

Comments

arrow-up