අඩි 25ක් උස තාප්පය පෙදරේරුවන් දෙදෙනෙකුට මරු කැඳවයි

ඊයේ (16) සවස නුවරඑළිය නගරය ආසන්නයේ කොන්ක්‍රීට් අතුරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟට අඩි 25ක් පමණ උසැති තාප්පයක් කඩා වැටීමෙන් එම දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය බව නුවරඑළිය පොලිසිය පැවසීය.
නුවරඑළිය නගරයට ආසන්න වැඩබන් පාර පරණ කච්චේරියට නුදුරින් නිවසක පෙදරේරුවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තාප්පයක් ඉදිකරමින් සිටියදී ඒ අසල කොන්ක්‍රීට් අතුරමින් සිටි පෙදරේරුවන් දෙදෙනා මතට තාප්පයක් කඩා වැටී ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ ගාල්ල ඇල්පිටිය වැලිහේන මත්තක ප්‍රදේශයේ පදිංචි පී.එම්.සී රුක්ෂාන් (23) සහ කේ.නිලන්ත (43) යන දෙදෙනෙකි.
මෙම අනතුර ඊයේ පස්වරු 04.00 ට පමණ සිදුවී ඇති අතර එම ස්ථානයෙන් සේවය කරමින් සිටි අනෙකුත් පෙදරේරුවන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඩා වැටුණු තාපපයේ කොටස් සිරුරු මතින් ඉවත් කර පස්වරු 5.00ට පමණ වන මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යාමට නුවරඑළිය පොලිසිය කටයුතු කර ඇත.
242 Views
Comments