සයිබර් අවකාශය හරහා සිදුවන හිංසනයන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

සයිබර් අවකාශය හරහා සිදුවන හිංසනයන්

සයිබර් අවකාශය හරහා සිදුවන හිංසනයන්

2023 ජනවාරි සිට මැයි 01 වැනි දා දක්වා කාලය තුළ පමණක් අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ට අදාල පැමිණිලි 1,187 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් ලැබී තිබේ.



මීට අමතරව පොලිස් ස්ථානවල පිහිටි ළමා හා කාන්තා කාර්යාංශ වෙත සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන වෙනත් ආයතන වෙත වාර්ෂිකව සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යවක් ලැබේ.



''බොහෝ දෙනෙක් මුල් අවස්ථාවේ කිසිවෙකුට නොදන්නවා මේ ප්‍රශ්න වලට තමන්ම විසඳුම් හොයන්න උත්සාහ කරනවා. එහෙම නැතිනම් නොදන්නා අයගේ උපදෙස් ගන්න ගිහින් බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා. මේ සයිබර් අවකාශයේ මේවා ප්‍රචාරය වීමේ වේගය වැඩියි. ඒ නිසා ඔබට මේ ගැන ගැටලුවක් තියෙනවා නම් මුල් අවස්ථාවේම ළඟම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න පුළුවන්'' යනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ පැවසුවාය.

views

351 Views

Comments

arrow-up