මෙවර යල කන්නයේ වී වගාවේ දියුණුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

මෙවර යල කන්නයේ වී වගාවේ දියුණුවක්

මෙවර යල කන්නයේ වී වගාවේ දියුණුවක්

මෙවර යල කන්නයේදී හෙක්ටයාර ලක්ෂ 7 කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටී.

 

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමත් සමග මෙලෙස වී වගාවට යොමුවීම මෙවර ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

 

ගොවීන්ගේ නිෂ්පාදන වියදම පහත හෙළීම සඳහා රජය මෙවර යල කන්නයේ රසායනික පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් සහ හෙක්ටයාර දෙකක් වගා කරන ගොවීන්ට රුපියල් 40,000 ක මුදලක් බැගින් ලබා දීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.

 

ගොවීන්ගේ ඉල්ලීම මත වල් නාශක සහ පළිබෝධ නාශක මිල ගණන් ද 20% කින් පහළ දැමීමට රජය පියවර ගෙන තිබිණි.
 

views

265 Views

Comments

arrow-up