වහාම ක්‍රියාත්මක වන පරිදි තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

 

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදනය මගින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පවත්වාගෙන යාමට අදාල නියමයන් ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ.

 

වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් මීට පෙරද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කොට තිබෙන බව සඳහන් වේ.

views

215 Views

Comments

arrow-up