“මේ වසර පුරා සතොස බඩු මිලේ වෙනසක් නෑ, සම්බා 128 යි, නාඩු 105 යි” - ඇමැති බන්දුල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

“මේ වසර පුරා සතොස බඩු මිලේ වෙනසක් නෑ, සම්බා 128 යි, නාඩු 105 යි” - ඇමැති බන්දුල

“මේ වසර පුරා සතොස බඩු මිලේ වෙනසක් නෑ, සම්බා 128 යි, නාඩු 105 යි” - ඇමැති බන්දුල

ප්‍රධාන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල ගණන් මෙම වසර පුරා සතොස හරහා ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

ඊයේ (01) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

 

“කොවිඩ් වසංගතය නිසා ජනතාව දරාගත නොහැකි මිල පීඩනයකට ලක්ව සිටිනවා.

මේ තත්ත්වය තේරුම් ගෙන රජයක් වශයෙන් පාලනය කළ හැකි සාධක පාලනය කරමින් කළ හැකි මැදිහත්වීම උපරිම ලෙස කරමින් ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට කටයුතු කරනවා.

ඒ අනුව සතොස මගින් පසුගිය කාලය පුරාවටම සහල් මිලෙහි ස්ථාවරත්වයක් ඇතිකර තිබෙනවා.

මේ වසර පුරාවටම සම්බා සහල් කිලෝවක් රුපියල් 128 වඩා වැඩියෙන් අලෙවි කරන්නේ නැහැ.

ඒ වගේම නාඩු කිලෝවක් රුපියල් 105ටත් ලබාදෙනවා. සහල් ආනයනය කිරීමෙනුයි මේ මිල ස්ථායීකරණය පවත්වාගෙන යන්නේ.

views

651 Views

Comments

arrow-up