'API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023' කොළඹදි පැවැත්වීමට සියල්ල සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

'API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023' කොළඹදි පැවැත්වීමට සියල්ල සූදානම්

'API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023' කොළඹදි පැවැත්වීමට සියල්ල සූදානම්

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසන්නේ ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.

 

 

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය බවයි.

 

 

මෙම සම්මන්ත්‍රණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන “DIGIECON Sri Lanka 2023 - 2030” වැඩසටහනට සමගාමීව සංවිධානය කිරීම විශේෂත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති හමුවේ දී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේය.

 

 

මෙහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් “API Asia Conference 2023” නිල වෙබ් අඩවිය දියත් කිරීම ද සිදු කෙරුණා.

 

 

 

views

222 Views

Comments

arrow-up