කහ උණ එන්නත නොමැතිව රට යන්න බැහැ

කහ උණ එන්නත විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම නිසා විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
කොළඹ ඊයේ (29) දා පැවැති මාධ්‍ය හමුවකදී මෙම එන්නත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැති වීම නිසා කහ උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය කිරීම සාමාජික රටවල වගකීමක් බවයි.
ඔහු සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමේදී සහ නැවත පැමිණීමේදී කහ උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් ලක් රජය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීම බරපතළ කරුණක් බවයි.
285 Views
Comments