හොරෙන් විදෙස් ගත වූ මගියා ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

හොරෙන් විදෙස් ගත වූ මගියා ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

හොරෙන් විදෙස් ගත වූ මගියා ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

අධිකරණ දෙකකින් විදෙස් ගමන් තහනමක් පනවා තිබියදී කටුනායකින් හොර රහසේ පළාගිය පුද්ගලයෙකු යළි කටුනායක වෙත ගෙන්වාගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්ව තිබෙන බව සඳහන් වේ.

 

 

යාපනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස නීතිවිරෝධී ලෙස රටින් පළාගොස් ඇත.

 

 

ඔහු ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ මුම්බායි බලා ගමන් ආරම්භ කරන ගුවන් යානය ගුවන්ගතවීමට ආසන්නවීමත් සමග ආගමන විගමන කවුළු වෙත පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

 

 

ඔහු එම අවස්ථාවේදී සියල්ලන්ගේ ඇස් වසා කිසිවෙකුත් නොසිටි ස්ථානයකින් ගුවන් යානය වෙත යාමට සමත්ව තිබේ.

 

 

ඔහු කවුළු අතරින් රිංගා යන අයුරු දුටු ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මේ පිළිබඳව ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම්දී තිබේ.

 

 

එහිදී CCTV පරීක්ෂා කර පහු පළායන බවට තහවුරු කරගත්තද ඒ වනවිටත් ගුවන් යානය ගුවන්ගතව තිබී ඇති බව සඳහන් වේ.

 

 

ඔහුට අධිකරණ දෙකකින් ගුවන් ගමන් තහනම් කර ඇති බව වැඩිදුර සිදුකළ විමර්ශනයන්හිදී හෙළිවී ඇත.

 

 

මේ බව අනාවරණය වී ඇත්තේ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශපත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබාගෙන පරීක්ෂා කිරීමේදීය.

 

 

එසේම සැකකරු විසින් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව ව්‍යාජ ලෙස සටහන් කර තිබූ බවද හෙළිවී තිබෙන බව සඳහන් වේ.

 

 

අනතුරුව ඔහුව මුම්බායි ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ ගුවන් නියමුවා දැනුවත් කිරීමෙන් පසු අද නැවත ශ්‍රීලන්කන් යානයකින් කටුනායක වෙත ගෙන්වාගැනීමට සමත්ව තිබේ.

 

 

 

කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත එම ගුවන් මගියා මෙරටට පැමිණීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදීමට පියවර ගෙන තිබුණි.

 

 

 

views

211 Views

Comments

arrow-up