අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක්

අද (30) සිට අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
එලෙස බස් රථ සේවාවක් යොදා ඇත්තේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ඉල්ලීමක් සිදු කර තිබුණි.
ඒ අනුව නිකිණි පොහොය නිමිති කර ගෙන එම බස් රථ සේවාව ආරම්භ කර ඇත.
තොරතුරු වාර්තා වන්නේ මෙම බස් සේවාව රුපියල් පනහක් වැනි මුදලකට එක් අයෙකුට ගමන් කළ හැකි බවයි.
එමෙන්ම මෙම බස් රථ සේවාව සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා ඇතුළු ව පොහෝ දිනයන්වලදී බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මකය.
මෙම වැඩපිළිවෙළ ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සිදු කරනු ලබයි.
267 Views
Comments