සැහැල්ලු අවි සඳහා පතොරම් ලංකාවේ නිපදවීමට සැරසේ

සැහැල්ලු අවි සඳහා ජීව උණ්ඩ නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව හමුදා ආරංචි මාර්ග අනාවරණය කර තිබේ. දැනට වේයන්ගොඩ පිහිටි යුධ හමුදාවේ නිෂ්පාදන කම්හල භට පිරිස් සඳහා නිල ඇඳුම්, සටන් හිස්වැසුම්, ශරීර සන්නාහ සහ අනෙකුත් උපකරණ නිෂ්පාදනය කිරීමේ නිරතව සිටී. යුද හමුදාව ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රයත්නයේ මීළඟ අදියර ලෙස පතොරම් නිෂ්පාදනයට යොමු වීමට සැලසුම් කරයි.
නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සතුව දක්ෂ නිලධාරීන් සිටින බව යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් තහවුරු කළේය.
මිලිමීටර් 9 පිස්තෝල, ටී-56 වර්ගයේ ගිනි අවි, එල්එම්ජී තුවක්කු ඇතුළු සැහැල්ලු අවි සඳහා පතොරම් නිෂ්පාදනය කිරීමෙන් ආනයනික පතොරම් මත යැපීම සැලකිය යුතු ලෙස අඩු වන අතර එමඟින් සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරි වේ.
176 Views
Comments