වතු කම්කරුවන් 12 දෙනෙකුට බඹර ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

වතු කම්කරුවන් 12 දෙනෙකුට බඹර ප්‍රහාරයක්

වතු කම්කරුවන් 12 දෙනෙකුට බඹර ප්‍රහාරයක්

හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සීමෙන් වතු කම්කරුවන් 12 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

 

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිමෙන් පසු ඇවිස්සුණු බඹරුන් එම ස්ථානයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ වතු කම්කරුවන් 04 දෙනෙකු බඹරුන් පහර දි තිබෙන බව වාර්තා වේ.

 

 

තුවාල ලබා රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් හයදෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවට සඳහන් වේ.

 

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 06 දෙනෙකු පමණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

views

267 Views

Comments

arrow-up