SEP
05
විශාල සහල් හිඟයක් අත ලග

රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගය හේතුවෙන් වෙළඳ පල තුළ සහල් හිගයක් ඇති වීමේ අවදානමක් මතුව තිබේ.
වෙළෙඳපොළ නිරීක්ෂකයන් සඳහන් කරන්නේ රට තුළ තිරිගු පිටි පරිභෝජනය සැලකිය යුතු පංගුවක් නියෝජනය කරන බවත් එම පංගුව සහල් ඉල්ලුම වෙත ඇදී ආවොත් එම ඉල්ලුම සපුරාලීමට අභියෝගයක් වනු ඇති බවයි.
දැනට සහල් සැපයුම යම් පාලිත මට්ටමක තිබුණද පිටි හිගය තවදුරටත් උග්‍ර වී එම ඉල්ලුම ද සහල් මත ඇති වුවොත් වෙළඳපොලේ සහල් හිගයක් ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වාදෙයි.
261 Views
Comments