ඉන්ධන පෝලිමේ සිටිය දී සුනඛයෙකු සපා කෑමෙන් පුද්ගලයකු මිය යයි

ඉන්ධන පෝලිමේ රැඳීසිටිමින් රැය පහන් කිරීමේ දී සුනඛයෙකුගේ සපා කෑමට ලක් වූ බවට සැක කරන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පුද්ගලයා ජලභීතිකා රෝග ලක්ෂණ පහල වීමෙන් දින 36කට පසුව මියගොස් තිබුණි.
ඊයේ (22) පැවති මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දෙමින් පානදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී. එස්. මාධව ප්‍රේමනාත් මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර දිබ්බැද්ද අක්කර 18 වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
වඩුගේ ක්‍රිෂාන්ත ප්‍රනාන්දු නැමැති මරණකරු 42 හැවිරිදි වියේ පසුවන විවාහක පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කළ ආකාරයට ජූලි මස 16 වනදා ක්‍රිෂාන්ත පානදුර වලාන ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමට ගොස් තිබේ.
ඔහු දින 03ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිට තිබේ.
20 වන දා ඉන්ධන පෝලිම ආසන්නයේ වෙළඳසැලක ක්‍රිෂාන්ත තවත් පිරිසක් සමග නිදා ගෙන තිබෙන අතර එම ස්ථානයට සුනඛයෙකු කඩා වැදී එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු සපා කෑ ඇති බව ක්‍රිෂාන්ත පවසා තිබේ.
සුනඛයා ක්‍රිශාතන පොරවාගෙන සිටි ඇඳ ඇතිරිල්ල ඇදීමත් සමග ඔහු එම ස්ථානයේ දී වැටුණු බවත් ඒ නිසා හිස තුවාල වූ බවත් පවසා ඇත.
කෙසේ නමුත් 21 වන දා නිවසට පැමිණ ක්‍රිශාන්ත සුපුරුදු පරිදි ඔහුගේ දෛනික වැඩ කටයුතු කර ඇත.
ටික දිනකට ඉහත දී ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් හා හිසේ කැක්කුමක් ඇතිව තිබූ අතර ඒ සඳහා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ලබාගෙන තිබේ.
කෙසේ නමුත් අගෝස්තු 21 වන දා රාත්‍රියේ ඔහුට අසාධ්‍ය වී ඇති අතර පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබේ.
279 Views
Comments