ළමා හතිය සහිත රෝගීන්ගේ වැඩි වීමක්

ළමා හතිය සහිත රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
මෙය පසු කොවිඩ් තත්ත්වයක් ලෙස සැලකිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා තවදුරටත් ප්‍රකාශ කරයි.
මීට අමතරව ඩෙංගු සහ වෛරස් උණ රෝගී තත්ත්වයකින් පසුව වුවද ළමා හතිය ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මේ වන විට ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 15ක් සහ කොවිඩ් රෝගීන් 08දෙනෙකු වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.
ළමා හතිය වැඩි වීමට තවත් හේතුවක් වන්නේ ළමයින්ගේ තාත්තාලා සහ සීයලා දුම්පානය කිරීම බවත් වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි.
294 Views
Comments