තවත් කොරෝනා ආසාදිතයන් 214ක් සහ මරණ 06ක්, චීන ජාතිකයන් 103කටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

තවත් කොරෝනා ආසාදිතයන් 214ක් සහ මරණ 06ක්, චීන ජාතිකයන් 103කටත් කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයන් 214ක් සහ මරණ 06ක්, චීන ජාතිකයන් 103කටත් කොරෝනා

ඊයේ (09) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 214 දෙනෙක් හදුනාගෙන තිබේ.

 

පෙරේදා (08) දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 06ක් ඊයේ (09) වාර්තා කර ඇත.

 

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයන් 04 දෙනෙකි.

 

මියගිය කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ වන අතර පිරිමි පුද්ගලයන් එක් අයෙක් වයස අවුරුදු 30 - 59 වයස් කාණ්ඩයට ද අනෙක් 03 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයට ද අයත් වේ.

 

එසේම නොරොච්චෝලේ තාප බලාගාරයේ සේවය කළ චීන ජාතිකයන් 103 දෙනෙකුටද කොරෝනා වෛරසය වැලදී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.  

 

මෙම පිරිස ඉකුත් දින 10 තුළ මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ.

 

views

365 Views

Comments

arrow-up