ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේග සභාපතිධූරයෙන් නෙරපා හැරීමට තීරණය කොට ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනය කොට ඇත.
එම කතාව කිසියම් පිරිසන් විසින් ගොතන ලද එකක් බවත් සමගි ජන බලවේගය තුළ ගැටුම් ඇති බවට පෙන්වීම සදහා යම් පිරිසක් විසින් ආරම්භකර ඇති මාධ්‍ය මෙහෙයුමේ තවත් කොටසක් බවත් ඔහු පෙන්වාදී තිබේ.
එමෙන්ම මෙම පුවත පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කොට තිබේ.
වසර 30ක් පුරා පැවැති යුද්ධය අවසන් කිරීම සඳහා හමුදාමය නායකත්වය දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයට ශක්තියක් බවත්, සමාජ මාධ්‍ය තුළ පළව ඇති මෙම අසත්‍ය පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දී ඇත.
365 Views
Comments