මත්කුඩු වටලන්න තොරතුරු හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

මත්කුඩු වටලන්න තොරතුරු හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලට

මත්කුඩු වටලන්න තොරතුරු හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලට

මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා ගිය පොලිස් සැරයන්වරයෙකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් ‍පැමිණි ජාවාරම්කරුවන් පිරිසකගේ පහරදීමට ලක්ව  පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

මෙලෙස පහරකෑමට ලක්ව තිබෙන්නේ පානදුර කොට්ඨාස බුද්ධි අංශයට අයත්ව රාජකාරි නියුතු පොලිස් සැරයන්වරයෙකි.

 

පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමට අදාල සැරයන්රයා එහි ගොස් ඇති අතර අදාල තොරතුරු ලබාගෙන ගාලු‍පාර දෙසට එමින් සිටියදී පහරකැමට ලක්ව ඇතැයි සඳහන්වේ.

 

ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකුට ආසන්න පිරිසක් ඔහු වටකර පොලු‍ මුගුරු වලින් පහරදී ඇතැයිද පැවසේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් කොට්ඨාසයේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති .

views

285 Views

Comments

arrow-up