“කොවිඩ් රැල්ල අතලඟ, කොවිඩ් මර්ධන කමිටුව වහා රැස් කරන්න” වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ විශාල කොවිඩ් රැල්ලක් රට තුළ ඇති වුවහොත් සෞඛ්‍ය සේවාවට එය කළමණාකරනය කර ගැනීම අපහසු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ඖෂධ හිඟය, ඉන්ධන හිඟය, ඩෙංගු රෝග ව්‍යාප්තිය මෙන්ම වදුරු උණ අවදානම වැනි තත්ත්වයන් ඊට හේතු විය හැකි බවයි.
කොවිඩ් මර්ධන තාක්ෂණික කමිටුව සහ මෙහෙයුම් කමිටුව වහා රැස් කර අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කලේ කොවිඩ් මර්ධන පළමු වර්ධක මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා ගත යුතු මෙරට පුද්ගලයින් මිලියන 06ක් තවමත් එම එන්නත ලබා ගෙන නොමැති බවයි.
වර්ධක මාත්‍රාව මෙතෙක් ලබා නොගත් පුද්ගලයින් හැකි ඉක්මණින් එය ලබා ගැනීම වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
දැනට මෙරටට ගෙන්වා තිබෙන ෆයිසර් එන්නත් මාත්‍රා තවත් මාස 03ක පමණ කාලයක් භාවිතයට ගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.
384 Views
Comments