විදුලි බිල අගෝස්තු මුලසිට ඉහළට - වැඩිවන විදිය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

විදුලි බිල අගෝස්තු මුලසිට ඉහළට - වැඩිවන විදිය මෙන්න

විදුලි බිල අගෝස්තු මුලසිට ඉහළට - වැඩිවන විදිය මෙන්න

අගෝස්තු මස මුල සිට විදුලි ගාස්තු ඉහළ දමන බවත් දැනට පවතින විදුලි ගාස්තුව ඒ අනුව සියයට 69කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

 

විදුලිබල මණ්ඩලය සියයට 130ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන සලසමින් උපරිම සාධාරණයක් වන ආකාරයට ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවද කොළඹ දී ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේය.


ගාස්තු ඉහළ දැමීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට දුන් කාලය අවසන් වූ බවත් යෝජනා 150ක් පිළිබඳව අවධානය යොමු කර ඒ පිළිබඳ සමාලෝචනයක් මේ මස 28 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කරන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

views

307 Views

Comments

arrow-up