මත්පැන් සාදය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

මත්පැන් සාදය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් රෝහලට

මත්පැන් සාදය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් රෝහලට

ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල්ගත කළ බව ඌරගස්මංහංදිය පොලිසිය පවසයි.

 

වෙඩි වැදුණු පුද්ගලයා පළමුව ඇල්පිටිය රෝහලටත් ඉන් පසුව කරාපිටිය රෝහලටත් මාරු කර යැවූ බවද පොලිසිය කියයි.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ පදිංචි දිල්ෂික ඉරෝෂන් නැමැති අවිවාහක අයෙකි.

 

ඔහු තම මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

 

මිතුරන් සමඟ මත්පැන් පානය කරමින් සිටි ඔහු එම ස්ථානයෙන් නැගිට ඒ ආසන්නයට ගොස් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

 

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතයි පොලිසිය සැක පලකරයි.

views

300 Views

Comments

arrow-up