මෙරට සෞඛ්‍ය පද්ධතිය අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

මෙරට සෞඛ්‍ය පද්ධතිය අනතුරේ

මෙරට සෞඛ්‍ය පද්ධතිය අනතුරේ

ඖෂධ හිඟය හා ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමකට ලක් වී ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

 

මේ සම්බන්ධයෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බොහෝ ඖෂධවල මිල ගනන් ජනතාවට දැරිය නොහැකි මට්ටමින් ඉහළ ගොස් ඇති අතර මෙමගින් බරපතළ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

 

ඒ අනුව ඔහුගේ නිවේදනය පහතින්,

ඖෂධ හිගය රජයේ රෝහල් තුල
පමණක් නොව පෞද්ගලික අංශයට
පවා බරපතල ලෙස දැනෙන්නට පටන්
ගෙන ඇති බව නොරහසකි. පෞද්ගලික
ඖෂධහල් වල පවා බොහෝ ඹෟෂධ
සොයා ගත නොහැකි තැනට පත්ව ඇත.
එක් පැත්තකින් ඖෂධ හිගයක් පවතින
අතර බොහෝ ඹෟෂධ වල මිල ගණන්
ජනතාවට දැරිය නොහැකි මට්ටමකට
ඉහල ගොස් ඇත. දියවැඩියාව, අධික
රුධිර පීඩනය, ඇදුම වැනි දීර්ඝ කාලීන
සුලභ රෝගී තත්ත්වයන්ගේ පෙලෙන
රෝගීන්ට ලබා දෙන ඖෂධ වල මිල
ඉහල යාම හරහා බරපතල ගැටලු
රාශියකට මුහුණ දීමට සිදුව ඇත.
නිලධාරි තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවත්,
කවදන් ඖෂධ ක්ෂේත්‍රය වෙලා ගෙන
තිබු දූෂණ හා අක්‍රමිකතා අඛණ්ඩව
ඉදිරියට යාමත් මේ තත්ත්වයට සෘජුවම
වගකිව යුතු බව පැහැදිලිය.
මේ වර්ෂය සදහා ඖෂධ ඇණවුම් කිරිම්
නිසි කලට සිදු නොවීමත්,
සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල්
පැහැර හැරිම හරහා ඔවුන් ඖෂධ
ආනයන කටයුතු වලින් ඉවත් වීමත්
පවතින තත්ත්වයන්ට සැලකිය යුතු
දායකත්වයක් දක්වා ඇත.
මේ හරහා මතුව ඇති ඖෂධ හිගය
ඖෂධ මාෆියාවට ආශිර්වාදයක් වී ඇත.
ඒ හදිසි මිලදී ගැනීම් නම් කඩතුරාවට
මුවා වෙමින් අසීමාන්තික ලෙස වාසි
සලසා ගැනිමට පාර්ශව කිහිපයකට
අවස්ථාවන් සැලසියමිනි. විගණකාධිපති
වාර්තා හෙලි දරව් කරන පරිදි මේ හරහා
සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රම වේදයන් තුල රු
6.00 ට මිලදී ගැනීමට තිබූ සමහරක්
ඖෂධ පෙත්තක් රු 6000- කට වඩා
අධික මුදලකට මිලදී ගැනිමට සිදුවන
අවස්ථා වාර්තා වෙයි.
මහජන බදු මුදලින් රුපියල් බිලියන 100
කට අධික අති විශාල මුදලක් ඖෂධ හා
උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියට
යොදවන පසුබිමක මේ සිදුවන මුදල්
නාස්තිය කිසි ලෙසකින්වත්
සාධාරණීකරණය කල නොහැක.
ඒ අනුව පවතින අර්බුදකාරි තත්ත්වය
කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර
තුලින් විසදා ගැනීම අත්‍යාවශ්‍ය බව අප
යෝජනා කරමු.


1. ඹෟෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සෑම
පියවරකම තොරතුරු ඒ පිලිබදව
උනන්දුවක් දක්වන සියලු පුරවැසියන්ට
දැක බලාගත හැකි පාරදෘය
ක්‍රම වේදයක් වහාම ස්ථාපිත කල යුතුය.
මේ සදහා තොරතුරු තාක්ෂණික
විශේෂඥ දැනුම භාවිතා කල යුතුය.
2. දිවයින පුරා සියලු ෂරෝහල් වෙත
කාර්යක්ෂම ලෙස ඖෂධ බෙදා හැරීම හා
තොග කළමණාකරණය සහතික කිරීම
සදහා අවශ්‍ය ප්‍රායෝගික තාක්ෂණික
දැනුම සහිත පරිසණසා යෙදවුමක් සකස්
විය යුතුය.
3. අකාර්යක්ෂමතාව හා විගණකාධිපති
වාර්තා හරහා ඔතුව ඇති බරපතල
අක්‍රමිකතා සදහා වගකිව යුතු නිලධාරින්
හා බලධාරින් හදුනාගෙන ඒ අයට
එරෙහිව නිසි ක්‍රියාමාර්ග අනුගමනය
කල යුතුය.
4. ලැබෙන ආධාර කාර්යක්ෂම ලෙස
ලබා ගැනීම සහතික කිරිම සදහා
සෞඛ්ය අමාත්‍යාංශය තුල තොරතුරු
කවුලුවක් ස්ථාපිත කල යුතුය. ඒ හරහා
ආධාර සපයන්නන්ට සමස්ථ ක්‍රියාවලිය
කෙරෙහි විශ්වාසයක් තහවුරු කල
යුතුය.
11. ඉන්ධන අර්බුදය ආකාර කිහිපයකින්
සෞඛ්‍ය පද්ධතියට බරපතල ලෙස
අභියෝග කරමින් සිටියි.
1. රෝහල් ගිලන් රථ සදහා ඉන්ධන සීමා
වීම
2. රෝහල් වල විදුලි ජනක යන්ත්‍ර සදහා
ලැබෙන ඉන්ධන තොග වල සීමාවන්
3. වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය
මණ්ඩලයට සේවයට පැමිණීමට මතුව
ඇති බාධාකාරි තත්ත්වයන් මෙහිදි කැපී
පෙනෙයි.
මෙම තත්ත්වයන් නිසි ලෙස
කලමණාකරණය නොකලහොත්
සෞඛ්‍ය පද්ධතිය මේ හරහා බරපතල
කඩා වැටීමකට ලක්වීමට නියමිතය.
දැනට රෝහල් ගිලන්රථ හා විදුලි ජනක
යන්ත්‍ර සදහා සීමිත ඉන්ධන තොග
මධ්‍යම ගමනා ගමන මණ්ඩලයට අයත්
බෙදා හැරීමේ මධ්‍යස්ථාන හරහා ලබා
දුන්නද ඉදිරි කාලය තුල ඒ හරහා
පහසුකමිද මේ වන විට අවිනිශ්චිත
තත්ත්වයට පත් වෙමින් ඇත.
රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට
පැමිණිමට අවශ්‍ය ඉන්ධන ලබාදීම
සම්බන්ධ යෝජනා වී ක්‍රියාත්මක වන
සිකුරාදා දින ඉන්ධන බෙදා හැරීමේ
වැඩ සටහන මේ වන විට අභියෝග
රැසකට මුහුණ දී ඇත.
1. ඉන්ධන තොග ප්‍රමාණවත් නොවීමත්
2. ඉතා අධික කාලයක් විශේෂඥ
වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය
කාර්ය මණ්ඩල වලට ඉන්ධන පෝලීම්
රැදී සිටීමට සිදුවීමත්
නිරන්තරයෙන් හා සමීපව
වල
3. ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සෞඛ්‍ය
වෘත්තිකයන්ගේ ආරක්ෂාව පිලිබද
මතුව ඇති ඇතැම් ගැටලුකාරි
තත්ත්වයන්,
හදුනාගත් ඉහත ගැටලුකාරි තත්ත්වයන්
ඉදිරි කාලයේදී මතු විය හැකි බරපතල
අනතුරක් පිලිබද ඉගි කරයි.
මේ වන විටත් අප විසින් පෙන්වා දී ඇති
විසදුම් වල සාර්ථක අසාර්ථක බව
සුපරික්ෂාවන්ට ලක් කරමින් වෙනත්
විකල්පයන් සදහා ඇති අවස්ථාවන් දෙස
විවෘත මනසකින් යුක්තව අවධානය
යොමු කරමින් කටයුතු නොකලහොත්
ඉදිරි සේවා බිද වැටිමික් වලක්වා ගත
නොහැකි වනු ඇත.
ඒ සදහා බලධාරින්ට ඇත්තේ අත්හල
නොහැකි වගකීමකි. මන්ද යත්
අවසානයේ සෞඛ්‍ය පද්ධතිය බිද
වැටීමක් හරහා ජීවිත වලින් වන්දි
ගෙවීමට වනුයේ රටේ පොදු ජනතාවට
වන බැවිනි.
මහජන සහයෝගය ලබා ගනිමින්, එවන්
ප්‍රායෝගික විසදුම් උදෙසා යොමු විමකින්
තොරව ඉදිරි අභියෝග ජයගත නොහැකි
බව යලි යලිත් අවධාරණය කරමු.

ස්තුතියි,
මීට විශ්වාසී,
වෛද්‍ය හරිත අලුත්ගේ

views

278 Views

Comments

arrow-up