අගමැති වහාම ඉවත් විය යුතු බව මෛත්‍රී කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

අගමැති වහාම ඉවත් විය යුතු බව මෛත්‍රී කියයි

අගමැති වහාම ඉවත් විය යුතු බව මෛත්‍රී කියයි

රට තවත් අරාජික නොකර අගමැති වහා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඊයේ(12) ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

 

"රටේ ජනතාවත් අරගලයේ යෙදී සිටින අයත් කියන්නේ අගමැතිතුමාත් ඉවත් විය යුතුයි කියලා. ඒ හඩට කන් දී ම තමා වැදගත් වෙන්නේ. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉවත් වෙන්න කියලා ඉල්ලීම් තිබුණා. නමුත් එතුමා ඉවත් වුනේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදියට තමා මේ බරපතළ තත්ත්වය ඇතිවුණේ. ඒ නිසා තවදුරටත් රට අමාරු තැනකට වැටෙන්න පුළුවන් අරගලයේ සහ ජනතා හඬට කන් දුන්නේ නැත්නම්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට කියන්නේ ඔවුන්ගේ හඬට කන් දෙමින් හැමවිටම රජයේ වගකිවයුතු අංශවල ඉන්න අය කටයුතු කළ යුතුයි." යනුවෙන් එතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

274 Views

Comments

arrow-up