කොළඹින් පිටට අද සිට ගෑස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

කොළඹින් පිටට අද සිට ගෑස්

කොළඹින් පිටට අද සිට ගෑස්

කොළඹින් බැහැර ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම අද(13) දින සිදු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටිනවා.

 

මේ අනුව අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදා හැරීමට නියමිත අතර කොළඹ දිස්ත්‍රික්කයට අද ගෑස් සිලින්ඩර් 40,000ක් බෙදා හැරීමට නියමිත බවයි ඔහු සඳහන් කර සිටියේ.

 

පසුගිය 10 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ තිබූ අතර ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ අයුරින් සිදු වනවා.

 

මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3725ක් රැගත් නෞකාවක් ඊයේ(12) පස්වරුවේ දිවයිනට ළඟා වුණා.

views

247 Views

Comments

arrow-up