ඉල්ලුම් කළ ලෙස පොහොර බෙදන බව සමාගම කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ඉල්ලුම් කළ ලෙස පොහොර බෙදන බව සමාගම කියයි

ඉල්ලුම් කළ ලෙස පොහොර බෙදන බව සමාගම කියයි

ඉන්දීය ණය ආධාර යටතේ ලබා දුන් යූරියා පොහොර තොගය අදාළ ප්‍රදේශවලට ආරක්ෂිතව බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

 

පොහොර රැගත් ලොරි රථ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගමන් කරන අතරතුර අක්‍රමිකතා වැළැක්වීම සඳහා අදාල ලොරි රථ නිරීක්ෂණය සඳහා ජී.පී.එස්. තාක්ෂණය යොදා ඇති බවද එහි සභාපති මෙත්සිරි අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

 

එසේම කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ මඩකලපුව, අනුරාධපුර, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක සඳහා අවශ්‍යතාව අනුව මෙම බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

 

කෙසේ වෙතත් ගොවීන්ට යූරියා පොහොර පමණක් ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසා සිටිනවා.

views

273 Views

Comments

arrow-up