අංක තහඩු ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කරන සීමා සහ පාරිභෝගිකයාට ලැබෙන ඉන්ධන ප්‍රමාණයන් මෙන්න

කිව්. ආර් කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.
එම සීමාවන් යටතේ හෙට(21) සිට ඉන්ධන නිකුත් කරන බවද එම අමාත්‍යංශය පැවසීය.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරේ.
0,1,2 යන අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන අංක සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.
6,7,8,9 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල සිදු කිරීමට නියමිතය.
මේ අතර කිව්. ආර් කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ජූලි 25 වනදා සිට ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
එහෙත් හෙට(21) සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
403 Views
Comments